විවෘත වේලාවන්:

සඳුදා සිට සිකුරාදා දක්වා – උදේ 7.30 සිට සවස 4.30 දක්වා | සෙනසුරාදා – උදේ 7.30 සිට දහවල් 12.30 දක්වා | ඉරිදා- උදේ 7.30 සිට දහවල් 12.00 දක්වා

පුනරුත්ථාපන මධ්‍යස්ථානය NIMH හි සිදු කරනු ලබන සියලුම පුනරුත්ථාපන ක්‍රියාකාරකම් සඳහා මූලික සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි. සේවාලාභියා සාමාජයීය, ආර්ථික සහ මානසික වශයෙන් ස්වාධීන සහ වැඩදායී පුද්ගලයෙකු බවට පත් කිරීම මෙම ඒකකයේ අරමුණයි. පහසුකම්:
  • පුනරුත්ථාපනය මට්ටම් 4 කින් සිදු කෙරේ
                 පළමු මට්ටම – එදිනෙදා ජීවිතයේ මූලික ක්‍රියාකාරකම් සංවර්ධනය (සේදීම, දත් මැදීම, ස්නානය කිරීම… ආදිය)
                 2 වන මට්ටම – සංකීර්ණ ජීවන නිපුණතා සංවර්ධනය (සන්නිවේදන කුසලතා, සමාජ කුසලතා ආදිය)
                 3 වන මට්ටම – වෘත්තීය පුහුණුව සඳහා
                 4 වන මට්ටම – නැවත සමාජගත කිරීම සඳහා පුහුණු කිරීම.
  • සේවාලාභියාගේ කැමැත්ත, හැකියාවන්, පවුලේ අවශ්‍යතාවය සහ සමාජ පසුබිම අනුව තෝරාගනු ලබන වෘත්තිය පුහුණුවක් ලබා දීම; පුනරුත්ථාපනයේ අවසාන අරමුණයි.
  • ජාතික ආධුනික හා කාර්මික පුහුණු අධිකාරිය (නයිටා) මඟින් විශේෂිත වෘත්තිය පුහුණු පාඨමාලාවන් ලෙස ආයතනය තුළ මැහුම්, අත්කම්, පරිගණක, පේස්ට්‍රි සහ බේකරි පුහුණු කණ්ඩායම් පවත්වයි. මෙමඟින් රැකියා සඳහා යොමු කිරීම ද සිදු කෙරේ.
  • විනෝදාත්මක ක්‍රියාකාරකම් – සංගීත චිකිත්සාව, චිත්‍ර කලා චිකිත්සාව, නාට්‍ය සහ රංගන චිකිත්සාව, චිත්‍රපට තිරගත කිරීම සහ ඒ පිළිබඳ රසවින්දනාත්මක සාකච්ඡාව
  • වෙනත් පුනරුත්ථාපන ක්‍රියාකාරකම් – යෝගා, ගෙවතු වගාව, ඉවුම් පිහුම්, ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා
  • මනෝවෛද්‍ය සමාජ සේවකයින් හරහා මානසික රෝග හා බැඳුණු සමාජ හා නීතිමය ගැටළු සඳහා සහාය වීම.

දුරකථන දිගුව: 251

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.