ERC
  • NIMH හි ආචාර ධර්ම සමාලෝචන කමිටුව (ERC) යනු මානසික සෞඛ්‍යයට විශේෂිත වූ පර්යේෂණ ක්‍රමවේද වල විද්‍යාත්මක හා සදාචාරාත්මක කරුණු සමාලෝචනය කිරීම සඳහා විශේෂිත වූ මණ්ඩලයකි.
  • NIMH හි ERC වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබී ඇති අතර ශ්‍රී ලංකාවේ ආචාර ධර්ම සමාලෝචන සංසදයේ (FERCSL) සාමාජිකයෙකු ද වේ.
  • ආචාර ධර්ම සමාලෝචන කමිටුවේ වගකීම වන්නේ ඉදිරිපත් කර ඇති පර්යේෂණ යෝජනා, සුදුසු පරිදි ආචාර ධර්ම පිළිබඳ සලකා බලා තිබේද යන්න සහ වර්තමාන ආචාර ධර්ම ප්‍රමිතීන් ට අනුකූලව එම පර්යේෂණ යෝජනාවන් වැඩිදියුණු කිරීඹ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි.
ආචාර ධර්ම සමාලෝචන කමිටුවෙහි වත්මන් සාමාජිකයන්
  1. වෛද්‍ය කපිල රණසිංහ (විශේෂඥ මනෝවෛද්‍ය, NIMH) – සභාපති
  2. වෛද්‍ය ලුෂන් හෙට්ටියාරච්චි – ලේකම්
  3. වෛද්‍ය සජිවන අමරසිංහ (මනෝචිකිත්සක උපදේශක, NIMH)
  4. මහාචාර්ය ෂෙහාන් විලියම්ස් (මනෝචිකිත්සක උපදේශක, ප්‍රධාන හා ජ්‍යෙෂ් කථිකාචාර්ය, වෛද්‍ය පීඨය,  කැලණිය විශ්ව විද්‍යාලය)
  5. වෛද්‍ය පුෂ්පා රණසිංහ (මනෝචිකිත්සක උපදේශක, NIMH)
  6. වෛද්‍ය චතුරි සුරවීර (මනෝචිකිත්සක උපදේශක, මනෝ වෛද්‍ය දෙපාර්තමේන්තුව, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය)
  7. වෛද්‍ය දුලානි සමරනායක (ප්‍රජාවෛද්‍ය විශේෂඥ / ජ්‍යෙෂ් කථිකාචාර්ය, ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුව, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය)
  8. වෛද්‍ය ප්‍රභාත් වික්‍රම (මනෝචිකිත්සක උපදේශක, දිස්ත්‍රික් මහ රෝහල හලාවත)
  9. වෛද්‍ය දුල්ෂිකා අමරසිංහ වාස් (මනෝචිකිත්සක උපදේශක, දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබොවිල)
  10. වෛද්‍ය වජන්ත කොතලාවල (ළමා හා යෞවන මානසික විශෙෂඥ වෛද්‍ය, NIMH)
  11. ආචාර්ය සුදත් වර්නකුලසූරිය (ප්‍රධානී, හෙද පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය)
  12. ආචාර්ය නිමල් ඩී. කස්තුරිආරච්චි (විශේෂඥ සමාජ විද්‍යා පර්යේෂක)
  13. වෛද්‍ය ධනංජය බණ්ඩාර ( වෛද්‍ය නිලධාරි – පුහුණු සහ පර්යේෂණ, පර්යේෂණ හා පුහුණු ඒකක, NIMH) – කැඳවුම්කරු
වැදගත්:
  • ERC සෑම මසකම 4 වන බ්‍රහස්පතින්දා දහවල් 12 ට රැස්වේ
  • මාසික ERC සඳහා වන සියළුම පර්යේෂණ යෝජනා එම මාසයේ 15 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.
  • සෑම පර්යේෂණ යෝජනාවක්ම කමිටු සාමාජිකයින් 3 දෙනෙකු විසින් ගැඹුරින් සමාලෝචනය කරනු ලබන අතර අනෙක් සාමාජිකයින් විසින් එහි සාරාංශයක් සමාලෝචනය කරනු ලැබේ.
  • ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනාවේ අදාල විෂය ක්ෂේත්‍රය අනුව ගැඹුරින් සමාලෝචනය කරන සාමාජිකයින් තිදෙනා කවරෙක් දැයි යන්න තෝරා ගනු ලැබේ.
  • ERC විසින් ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිගැනීමට හෝ යම් කරුණු වෙනස් කොට නැවත ඉදිරිපත් කිරීම ට දැනුම් දීමට හෝ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට හෝ විය හැකිය.එම තීරණය අවසාන තීරණය වේ.
ඔබේ පර්යේෂණ යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර:
  1. අපගේ අයදුම්පත බාගන්න..
  2. ඉදිරිපත් කිරීම සඳහා අපගේ මාර්ගෝපදේශ ඔබ කියවූවාද?
  3. අපගේ ආකෘතියට අනුව ඔබ ඔබේ පර්යේෂණ යෝජනාව සකස් කළාද?
  4. ඔබේ ලේඛන සකස් කිරීමෙන් පසු කරුණාකර අපගේපිරික්සුම් ලැයිස්තුව සමඟ සමාලෝචනය කරන්න.
  5. ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත නිලධාරියෙක් නමි ඔබට පර්යේෂණ දීමනාව ගැන දැන ගැනීමටත් ඒ සඳහා ඉල්ලුම් කිරීමටත් අවශ්‍ය විය හැකිය.
තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපට විද්‍යුත් තැපැල් කරන්න