Psychiatric Social Work NIMH Sri Lanka

විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 සිට ප.ව.12.00)

පහසුකම්:
  • මෙම ඒකකය අරමුණු කරන්නේ වැඩි අවදානමකට නැඹුරු වූ, වරප්‍රසාද නොලත් සහ කොන් වූ පුද්ගලයින් ඔවුන්ගේම සමාජය තුළ සවිබල ගැන්වීමෙන් ආරක්ෂා කිරීමයි.
  • තොරතුරු ලබා ගැනීමට අපහසු රෝගීන් ගේ සමාජයීය තොරතුරු රෝග ඉතිහාසය ඇතුළු විස්තර ප්‍රෙද්ශයේ ග්‍රාමනිලධාරී, පර්යන්ත සායන සහ වෙනත් විශ්වාසදායී ප්‍රභවයන් මඟින් සොයා ගැනීම සඳහා දායක වෙමින්  බහුවිධ මනෝවෛද්‍ය සත්කාර කණ්ඩායමේ සාමාජිකයින් වීම.
  • ඥාතීන් නොමැති රෝගීන් රෝහලෙන් නිදහස් කිරීම ට අදාල ක්‍රියාවලීන් සැලසුම් කිරීම.
  • සුවය ලැබූ රෝගීන් නැවත සමාජගත කිරීම.
  • රෝහලෙන් නිදහස් කළ පසු රෝගීන්ගේ තත්වය පසු විපරම් කිරීම සහ සමාජ අපවාදය හා සමාජ අපවාදය අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
  • සේවාලාභීන් ඔවුන්ගේ සමාජය තුළ සමාජයීය සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් පැවැත්වීම.
  • විවිධ සාමාන්‍ය ජන කණ්ඩායම් අරමුණු කර ගනිමින් මානසික සෞඛ්‍ය සහ ඒ සම්බන්ධ අධ්‍යාපනික වැඩසහන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • රෝගීන්ගේ ආර්ථික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.
  • රැකියාව පදනම් කරගත් ගැටළු වලට මැදිහත් වීම.
  • ස්වයං රැකියා ආරම්භ කිරීමට උපකාර කිරීම.
  • ඔවුන්ට එරෙහි නීතිමය ක්‍රියා පටිපාටිවලින් ආරක්ෂා කිරීම.
  • ස්වයං උපකාර කණ්ඩායම් පිහිටුවීම සහ ප්‍රජා සංවිධාන ඇති කිරීම වැනි සුදුසු සමාජක්‍රමවේද භාවිතා කිරීම.
  • රෝගීන් සඳහා අවශ්‍ය සම්පත් සම්බන්ධීකරණය කිරීම.
  • අවශ්‍ය විටෙක උපදේශනය ලබා දීම.

දුරකථන දිගුව: 216/218

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපට විද්‍යුත් තැපැල් කරන්න