- NIMH හි ආචාර ධර්ම සමාලෝචන කමිටුව (ERC) යනු මානසික සෞඛ්‍යයට විශේෂිත වූ පර්යේෂණ ක්‍රමවේද වල විද්‍යාත්මක හා සදාචාරාත්මක කරුණු සමාලෝචනය කිරීම සඳහා විශේෂිත වූ මණ්ඩලයකි.
- NIMH හි ERC වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබී ඇති අතර ශ්‍රී ලංකාවේ ආචාර ධර්ම සමාලෝචන සංසදයේ (FERCSL) සාමාජිකයෙකු ද වේ.
- ආචාර ධර්ම සමාලෝචන කමිටුවේ වගකීම වන්නේ ඉදිරිපත් කර ඇති පර්යේෂණ යෝජනා, සුදුසු පරිදි ආචාර ධර්ම පිළිබඳ සලකා බලා තිබේද යන්න සහ වර්තමාන ආචාර ධර්ම ප්රමිතීන් ට අනුකූලව එම පර්යේෂණ යෝජනාවන් වැඩිදියුණු කිරීඹ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි.
- වෛද්‍ය කපිල රණසිංහ (විශේෂඥ මනෝවෛද්‍ය, NIMH) – සභාපති
- වෛද්‍ය ලුෂන් හෙට්ටියාරච්චි – ලේකම්
- වෛද්‍ය සජිවන අමරසිංහ (මනෝචිකිත්සක උපදේශක, NIMH)
- මහාචාර්ය ෂෙහාන් විලියම්ස් (මනෝචිකිත්සක උපදේශක, ප්‍රධාන හා ජ්‍යෙෂ් කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, කැලණිය විශ්ව විද්‍යාලය)
- වෛද්‍ය පුෂ්පා රණසිංහ (මනෝචිකිත්සක උපදේශක, NIMH)
- වෛද්‍ය චතුරි සුරවීර (මනෝචිකිත්සක උපදේශක, මනෝ වෛද්‍ය දෙපාර්තමේන්තුව, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය)
- වෛද්‍ය දුලානි සමරනායක (ප්‍රජාවෛද්‍ය විශේෂඥ / ජ්‍යෙෂ් කථිකාචාර්ය, ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුව, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය)
- වෛද්‍ය ප්‍රභාත් වික්‍රම (මනෝචිකිත්සක උපදේශක, දිස්ත්‍රික් මහ රෝහල හලාවත)
- වෛද්‍ය දුල්ෂිකා අමරසිංහ වාස් (මනෝචිකිත්සක උපදේශක, දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබොවිල)
- වෛද්‍ය වජන්ත කොතලාවල (ළමා හා යෞවන මානසික විශෙෂඥ වෛද්‍ය, NIMH)
- ආචාර්ය සුදත් වර්නකුලසූරිය (ප්‍රධානී, හෙද පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය)
- ආචාර්ය නිමල් ඩී. කස්තුරිආරච්චි (විශේෂඥ සමාජ විද්‍යා පර්යේෂක)
- වෛද්‍ය ධනංජය බණ්ඩාර ( වෛද්‍ය නිලධාරි – පුහුණු සහ පර්යේෂණ, පර්යේෂණ හා පුහුණු ඒකක, NIMH) – කැඳවුම්කරු
- ERC සෑම මසකම 4 වන බ්‍රහස්පතින්දා දහවල් 12 ට රැස්වේ
- මාසික ERC සඳහා වන සියළුම පර්යේෂණ යෝජනා එම මාසයේ 15 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.
- සෑම පර්යේෂණ යෝජනාවක්ම කමිටු සාමාජිකයින් 3 දෙනෙකු විසින් ගැඹුරින් සමාලෝචනය කරනු ලබන අතර අනෙක් සාමාජිකයින් විසින් එහි සාරාංශයක් සමාලෝචනය කරනු ලැබේ.
- ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනාවේ අදාල විෂය ක්ෂේත්රය අනුව ගැඹුරින් සමාලෝචනය කරන සාමාජිකයින් තිදෙනා කවරෙක් දැයි යන්න තෝරා ගනු ලැබේ.
- ERC විසින් ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිගැනීමට හෝ යම් කරුණු වෙනස් කොට නැවත ඉදිරිපත් කිරීම ට දැනුම් දීමට හෝ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට හෝ විය හැකිය.එම තීරණය අවසාන තීරණය වේ.
- අපගේ අයදුම්පත බාගන්න..
- ඉදිරිපත් කිරීම සඳහා අපගේ මාර්ගෝපදේශ ඔබ කියවූවාද?
- අපගේ ආකෘතියට අනුව ඔබ ඔබේ පර්යේෂණ යෝජනාව සකස් කළාද?
- ඔබේ ලේඛන සකස් කිරීමෙන් පසු කරුණාකර අපගේපිරික්සුම් ලැයිස්තුව සමඟ සමාලෝචනය කරන්න.
- ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත නිලධාරියෙක් නමි ඔබට පර්යේෂණ දීමනාව ගැන දැන ගැනීමටත් ඒ සඳහා ඉල්ලුම් කිරීමටත් අවශ්‍ය විය හැකිය.
තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපට විද්‍යුත් තැපැල් කරන්න