විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00 ) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 -12.00)  

 
  • සැළසුම් හා සංවර්ධන ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවන් ට අනුකූලව රෝහල් සැලසුම් සහ කළමනාකරණ ව්‍යාපෘති පවත්වාගෙන යාම සහතික කරයි.
  • එය සැලසුම්, තත්ත්ව කළමනාකරණය, මහජන සෞඛ්‍ය, ආපදා කළමනාකරණය, සෞඛ්‍ය තොරතුරු, මාධ්‍ය සම්බන්ධීකරණය සහ ආසාදන පාලනය යන අංශ වලින් සමන්විත වේ.
  සැලසුම් සහ තත්ත්ව කළමනාකරණ අංශය :
  • සැලසුම්කරණය අවශ්‍ය වන රෝහලේ සියලු කටයුතු පිළිබඳව අධ්‍යක්ෂ සමඟ සෘජු සම්බන්ධීකරණය.
  • NIMH හි සියලුම ප්‍රධාන කමිටු රැස්වීම්වලට සහභාගී වීම.
  • සායනික සිදුවීම් පිළිබඳ දත්ත සෝදිසි කිරීම.
  • අහිතකර සිදුවීම් වාර්තා කිරීම පිළිබඳ අධීක්ෂණය.
  • සායනික පාලනය: රෝහලේ සායනික ප්‍රතිපල සමාලෝචනය කිරීම සඳහා මාසිකව රැස්වීම.
  • නඩත්තු ඒකකය: රෝහල් නඩත්තු අංශය එදිනෙදා මතු වන NIMH අලුත්වැඩියාවන් සිදු කරයි.
  මහජන සෞඛ්‍යය:
  • අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ පද්ධතිය සහ මලාපවහන පද්ධතිය පිළිබඳ අධීක්ෂණය කිරීම.
  • රෝහලි පරිශ්‍රය තුළ සාමාන්‍ය පිරිසිදුකම සහ සනීපාරක්ෂාව පිළිබඳ ව පිරිසිදු කිරීමේ සේවාව සමඟ සම්බන්ධීකරණය කරමින් අධීක්ෂණය කිරීම.ඩෙංගු බෝවන ස්ථාන
  • හඳුනා ගැනීම සහ දුම් ගැසීම වැනි ක්‍රියාකාරකම් මඟින් ඩෙංගු මර්දන වැඩපිළිවෙළ පවත්වාගෙන යාම.
  • මාසික ආසාදන පාලන රැස්වීම් සියළුම අංශ ප්‍රධානීන් සමඟ වර්තමාන ගැටළු සහ ඒවාට සුදුසු විසඳුම් සඳහා ආසාදන පාලන හෙද නිලධාරීන් හා එක්ව පැවැත්වීම.
  • කාර්ය මණ්ඩලයට සහ බාහිර පුද්ගලයින්ට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම.
  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ මාර්ගෝපදේශයන්ට අනුව රෝහල තුළ දීසිදු වන තුවාල සිදු වීම් පිළිබඳ දත්ත එක් රැස් කිරීම සහ සමාලෝචනය
  • ආසාදන පාලන හෙද නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ PHI හි ක්‍රියාකාරකම් සඳහා තාක්ෂණික අධීක්ෂණය සහ සම්බන්ධීකරණය.
  ආපදා කළමනාකරණ:
  • ආයතනයේ අවදානම් තක්සේරු කිරීම සහ වාර්ෂිකව සංශෝධනය කිරීම.
  • හඳුනාගත් අවදානම් සඳහා ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, කාර්ය මණ්ඩල පුහුණුව සහ වාර්ෂික සංශෝධනය.
  • වාර්ෂික රෝහල් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම.
  • හඳුනාගත් අවදානම් වල ආරක්ෂිත පූර්වෝපායන් සහතික කිරීම.
උදා- ගිනි ආරක්ෂණය, වෘත්තිය සෞඛ්‍යය සහ ආරක්ෂාව
  • සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීම.
  • ජාතික ආපදා තත්ත්වයන් සහ අවට ප්‍රෙද්ශය තුළ සිදුවන ආපදා වලදී මානසික ප්‍රථමාධාර සඳහා ආපදා සහන කණ්ඩායම් සහ / හෝ වෛද්‍ය සහන කණ්ඩායම් යෙදවීම [මෑත උදාහරණ වන්නේ කැළණි ගංවතුර (2016), සාලාව පිපිරීම (2016) සහ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම (2017)].
  සෞඛ්‍ය තොරතුරු:
  • NIMH හි සියලුම දත්ත අවශ්‍යතා සඳහා කේන්ද්‍රස්ථානයයි.
  • eIMMR පද්ධතිය පවත්වා ගැනීම.
  • රෝගීන් ඇතුළත් වීමේ වාර්තා පිළිබඳ තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම.
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම.
  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගගත තොරතුරු ජාලයන් නඩත්තු කිරීම (සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පහසුකම් සහ කාර්ය සාධනය පිළිබඳ ව වූ තොරතුරු රැස් කිරීම සඳහා වෙබ් පාදක තොරතුරු පද්ධතිය).
  • HRMIS (වෛද්‍ය නිලධාරීන් ගේ මානව සම්පත් කළමනාකරණය තොරතුරු පද්ධති) සහ HRIS (සියලුම කාර්ය මණ්ඩලය සඳහා මානව සම්පත් තොරතුරු පද්ධතිය) හි දත්ත ඇතුළත් කිරීම් පිළිබඳ ව අධීක්ෂණය කිරීම.
  • සායනික පාලන රැස්වීම සඳහා අවශ්‍ය දත්ත සහ තොරතුරු විශ්ලේෂණය කිරීම සහ සුදුසු පරිදි ඉදරිපත් කිරීම සඳහා සකස් කිරීම.
  • වෙබ් අඩවිය සහ විද්‍යුත් තැපෑල නඩත්තු කිරීම.
  • සෞඛ්‍ය තොරතුරු හා සම්බන්ධ දෘඩාංග, ජාල සහ මෘදුකාංග පිරිවිතර සඳහා කේන්ද්‍රස්ථානය.
  ආසාදන පාලනය:
  • ක්ෂුද්‍රජීව විද්‍යා විහේෂඥ වෛද්‍ය මඟින් ආසාදන පාලන හෙදියන්ගේ (ICNO) කටයුතු අධීක්ෂණය කරයි.
  • ආසාදන පාලන පිරික්සුම් ලැයිස්තුවට අනුව දෛනික ව වාට්ටු අධීක්ෂණය සහ බෝවන රෝග පැතිර යාමේ අවදානම , සාමාන්‍ය සනීපාරක්ෂාව, අත් සේදීමේ පුරුදු සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අධීක්ෂණය.
  • මාසික ව ආසාදන පාලන සම්බන්ධීකරණ හෙද නිලධාරීන් ගේ  හෙද රැස්වීම් පැවැත්වීම.
  • ආසාදන පාලන කමිටු රැස්වීම් කාර්තුවක ට වරක් පැවැත්වීම.
  • කාර්ය මණ්ඩලය සඳහා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්.
  • සෑම සිකුරාදා දිනකම තුවාල සත්කාර සායනය පැවැත්වීම.
  • සේවාදායකයින් සහ කාර්ය මණ්ඩලය සඳහා හෙපටයිටිස් බී එන්නත් කිරීමේ වැඩසටහන.

දුරකථන දිගුව : 419 – 420

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේ නම් කරුණාකර විද්‍යුත් තැපැල මඟින් අප හා සම්බන්ධ වන්න.