Photo by dfataustralianaid / CC BY

විවෘත වේලාවන්: පැය 24 පුරා

පහසුකම්:
  • මෙම ඒකකයේ පරමාර්ථය වන්නේ ඌන මානසික තත්ව සහ ඒ ආශ්‍රිත චර්යාත්මක ගැටලු ඇති සේවාලාභීන් පුනරුත්ථාපනය කිරීම සහ එවැනි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් රැක බලා ගැනීම සඳහා සඳහා ඔවුන්ගේ දෙමාපියන් හෝ රැකබලා ගන්නන්, පුනරුත්ථාපන කුසලතා පිළිබඳ පුහුණු කිරීම සහ දැනුවත් කිරීමයි.
  • මනෝ වෛද්‍ය සමාජ සේවක නිලධාරීන් හරහා සමාජමය ගැටලු සඳහා සහාය වීම.
  • එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් පිළිබඳ ව පුහුණු කිරීම. උදා- පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම, යහපත් පුරුදු, සමාජ කුසලතා, ජීවන කුසලතා ආදිය
  • සංජානන සංවර්ධන උදා – චිත්‍ර ඇඳීම, කැරම් ක්‍රීඩා කිරීම සහ සරල අධ්‍යාපනික  ක්‍රියාකාරකම් වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් උදා – අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ වලින් කළ හැකි ක්‍රියාකාරකම්, අත්කම් නිර්මාණ ආදී.
  • ඌන මානසික පුද්ගලයින්ගේ දෙමාපියන්, රැක බලා ගන්නන් සඳහා මෙම තත්වයන් පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ එවන් පුද්ගලයින් රැක බලා ගැනීම පිළිබඳ ව සාකච්ඡා ආදිය පැවැත්වීමෙන් ඔවුන්ගේ ජීවන නිපුණතා සංවර්ධනය කිරීම

දුරකථන දිගුව: 285

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.