ECT NIMH Sri Lanka

විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව 4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 – ප.ව 12.00)

පහසුකම්:
  • මෙම පහසුකම පවත්වා ගෙන යාමේ ප්‍රධාන අරමුණ වන්නේ,සේවාලාභීන් හැකි උපරිමයෙන් ඔවුන්ගේ පවුල තුළ ම රැක බලා ගනිමින් ඔවුන්ගේ මානසික යහපැවැත්ම සුපෝෂණය කිරීම මඟින් අනවශ්‍ය රෝහල්ගත වීම් අවම කිරීමයි.
  • දින සේවාවක් ලෙස විද්‍යුත් කම්පන ප්‍රතිකාරය (ECT) සපයයි.
වැදගත්:
  • රජයේ නිවාඩු දින ඇතුළුව සඳුදා සිට සෙනසුරාදා දක්වා මෙම සේවාව සපයනු ලැබේ.
  • රෝගියාගේ මානසික සෞඛ්‍ය සත්කාරය පිළිබඳ වගකියන අදාල ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ට අනුබද්ධ විශේෂඥ මනෝවෛද්‍යවරයාගේ උපදෙස් මත බාහිර රෝගී අංශය / සායන / නවෝදය දිවා ප්‍රතිකාර මධ්‍යස්ථානය හරහා රෝගීන් මෙම පහසුකම සඳහා යොමු කළ හැකිය.
  • වෙනත් ආයතනවල විශේෂඥ මනෝවෛද්‍යවරයින්ට දින ECT සඳහා රෝගියකු යොමු කළ හැක්කේ NIMH විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු මාර්ගයෙන් ප්‍රතිකාරය සඳහා පූර්ව තක්සේරු කිරීමේ ආකෘති පත්‍රය සම්පූර්ණ කර රෝගියා සුදුසු කාලයක් නිරාහාරව සිටින බවට සහතික කර සහ අවශ්‍ය පරීක්ෂණ වාර්තා ඇත්නම් පමණි.
  • රෝගියා අදාල දින පෙ.ව. 7.30ට පෙර පැමිණිය යුතු අතර,රෝගියා සමඟ පැය 24ක පමණ කාලයක් රැඳී රැක බලා ගැනීමට සමත් ළඟම ඥාතියෙකු සිටීම ද, නැවත නිවසට යාම සඳහා පුද්ගලික ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හැකි වීම ද අවශ්‍ය වේ.
  • රෝගියාගේ විස්තරාත්මක සහ දැනුවත් කරන ලද කැමැත්ත සහ ඔහු සමඟ සිටින ඥාතියාගේ එකඟතාවය ලබා ගත යුතුය.
  • ප්‍රතිකාරය අතරතුර හෝ පසුව සංකූලතා ඇති වන ඕනෑම රෝගියෙකු අදාල විශේෂඥ මනෝවෛද්‍යවරයාගේ රැකවරණය යටතේ NIMH වෙත ඇතුළත් කළ හැකිය.
  • ඒකකය මඟින් දක්වා ඇති මීළඟ ප්‍රතිකාර දිනය ට නොපැමිණ සතියක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඒ පිළිබඳ ක්ස්යම් තොරතුරක් අදාල ඒකකයට දැනුම් දී නොමැති නම්, ප්‍රතිකාරය අත්හිටවූ ලෙස ට සැලකේ.

දුරකථන දිගුව: 119

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.